නීතිපතිවරයා හා වැඩබලන ආගමන විගමන පාලකවරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මොහොමඩ් ලෆාර් හා පී. කුමාරත්නම් යන විනිසුරුමඬුල්ල එම අවසරය ලබා දුන්නේය.
එන්. සීරිස් (N-SERIES) විදේශ ගමන් බලපත්‍ර 750,000 සැපයීම සිදුකරන විදේශ සමාගම් දෙක සඳහා ඊට අවශ්‍ය පහසුකම් නොමැති බැවින් එකී ගමන් බලපත්‍ර පී. සීරිස් (P – SERIES) ලෙස වෙනස් කිරීමේ අවශ්‍යතාව මතුවී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පැවසීය.
එන්. සීරිස් ගමන් බලපත්‍රයේ ඇතුළත පිටු තුළ රාජ්‍ය ලාංඡනය මුද්‍රණය වී තිබුණ ද පී. සීරිස් ගමන් බලපත්‍රයේ ඇතුළත පිටුතුළ මුද්‍රණය වී ඇත්තේ පුන්කළස බව පැවසූ පෙත්සම්කාර එෆික් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් කරන ඉල්ලීම පරිදි පී. සීරිස් ලෙස වෙනස් කළ හොත් රටේ අනන්‍යතාව හඳුනාගැනීම ගැටලුවක් බව පවසා ඒ සඳහා අවසර ලබාදීමට විරුද්ධත්වය දැක්වීය.
ඒ. ජේ. ඒ. අබේනායක