සෙනසුරාදා, 04 මාර්තු 2023 17:41

වජිර මුදල් කාරක සභාවේ සභාපති කර ගැසට් 08ක් අනුමත කර ගැනීමට එරෙහිව විපක්ෂයෙන් කතානායකට පැමිණිලි.. Featured

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාවේ පැවති රැස්වීමේදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා තාවකාලික සභාපති ධුරයට පත්කර, ගැසට් නිවේදන 08කට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමට එම කාරක සභාව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ, කඩිනමින් එම පැමිණිල්ල කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු රීති උල්ලංඝනය වී ඇතැයි හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළ අතර රාජ්‍ය මුදල් කාරක සභාව පිළිබඳව පසුගිය දිනවල විවාදයක් ඇතිවූයේ, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සභාපති ධුරයට පත්කිරීමට විපක්ෂය යෝජනා කර තිබියදී ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් අනුව මයන්ත දිසානායක මහතා ඒ සඳහා පත්කිරීමත් සමගයි.

පසුව මයන්ත දිසානායක මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ අතර විපක්ෂය නැවතත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබුණි.

ඒ අතරතුර ඊයේ (03) නැවතත් රැස්වූ මුදල් කාරක සභාව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තාවකාලිකව සභාපති ධුරයට පත්කර මෙම ගැසට් නිවේදනවලට අනුමැතිය ලබා ගෙන ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළහ.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website