ඉරිදා, 13 ඔක්තෝබර් 2024 09:34

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය අදින් අවසන් Featured

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි.

කෙසේ වෙතත් පසුගිය දා අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

ඒ අනුව ඉදිරිපත් වු සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවට විශ්වාසය කරන බව මැතිවරණ කොමිසම පැවසීය.

එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

ADN

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website