ඉරිදා, 13 ඔක්තෝබර් 2024 09:42

ආන්දෝලනාත්මක සිද්ධීන් හතක් ගැන කඩිනම් විමර්ශන Featured

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය, 2011 වසරේ දී ලලිත් කූගන් අතුරුදන්වීම,2007 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන්වීම,2015 වසරේ දී වැලිගම දී පොලිස් වෙඩි පහරකින් පොලිස් නිලධාරියෙකු මියයෑම,2005 වසරේ දී ධර්මරත්නම් ශිවරාම් මාධ්‍යවේදියා මියයෑම, ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති විමර්ශන වල ප්‍රගතිය ප්‍රමාණවත් නොවේ යැයි යන පදනම මත මෙම විමර්ශන කඩිනම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 DN

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website