සදුදා, 14 ඔක්තෝබර් 2024 12:25

සඟවා තිබූ වාහන 2ක් බෙලිඅත්තෙන් අල්ලයි Featured

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක යොදන ලද පැජරෝ වර්ගයේ ජීප් රථයක් තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (12දා) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රජයට අයත් සඟවා ඇති වාහන සම්බන්ධව තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දී තිබෙන 1997 අංකයට ලබාදුන් තොරතුරක් මත බෙලිඅත්ත ගැටමාන්න කොස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කළු පැහැති ලෑන්ඩ් කෲසර් රථයක් ද බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website