බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 13:24

සී ෂෙල්ස්ට ශ්‍රී ලාංකික නීතිපතිවරයෙක් Featured

සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා ඊයේ දිවුරුම් දුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ඊට අමතරව ෆිජි හී නීතීඥවරයෙකු හා සොලිස්ටර්වරයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු සිංගප්පූරුවේ සමත මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙස ද සුදුසුකම් ලබා ඇත.සී ෂෙල්ස් නිතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්ස්න්ට් පෙරේරා මහතා සී ෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website