ඉරිදා, 05 මාර්තු 2023 09:35

විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසමේ අතපසු වීම් නිසා,වසර 4ක් තුළ සිසුන් 798කට සරසවි වරම් අහිමි වෙයි.. - විගණන වාර්තාවක් හෙළි කරයි Featured

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අතපසු කිරීම් හේතුවෙන් වසර හතරක් තුළ සිසුන් 798 දෙනකුට සරසවි වරම් අහිමි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, 2016/2017 අධ්‍යයන වර්ෂයේ සිට 2019/2020 අධ්‍යයන වර්ෂය දක්වා කාලසීමාව තුළ විශ්වවිද්‍යාලවල ඇතිවූ පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර නොගැනීමෙන් එය සිදුව ඇති බවයි.

අදාළ කාලසීමාව තුළ ර‍ජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසුව වසරකට පැවති පුරප්පාඩු ප්‍රමාණය, 192ත් 200ත් අතර සංඛ්‍යාවක්.

එහෙත්, එම පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර නොමැති බව, ජාතික විගණන කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

අදාළ විගණන නිරීක්ෂණය පිළිබඳ වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කර ඇත්තේ 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා වන පුරපුපාඩු පිර‍වීමේ තෙවන අදියර මේ වන විට සම්පුර්ණ කරමින් ඇති බවයි.

මේ අතර උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්කරුවන්ට උපරිම අවස්ථාවක් සැලසෙන පරිදි යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වෙන පාඨමාලා ප්‍රමාණය සීමා කිරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇතත්, මෙතෙක් එය ක්‍රියාත්මක වී නැතැයි ද අදාළ විගණන වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය කරුණු දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කර ඇත්තේ, එම පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අවම සුදුසුකම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website