ඉරිදා, 05 මාර්තු 2023 09:53

CEB ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරයි… Featured

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මීට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී විය.

මෙහි දී නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරපත් කිරීමට පෙර සිදු කල හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර ඉන් පළමු කොටස ලෙස විදුලිය බෙදාහැරීමට අදාළව වෙන් කර ඇති කලාප වල වෙන් වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සිදු කිරීමට අදාළ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සිදු කෙරෙනු ඇත.

එමෙන්ම ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය වන මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

තාක්ෂණය වැඩි වශයෙන් මෙම වැඩපිළිවෙලට යොදා ගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විසින් ද අමාත්‍යවරයා ට පෙන්වාදෙන ලදී.

– Media unit

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website