සදුදා, 06 මාර්තු 2023 08:02

ඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි… Featured

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේදී භාවිතා කළ හැකි මුදල් ඒකය බවට පත් කිරීම මේ අවස්ථාවේ අවශ්‍යව ඇතැයි ද හෙතෙම හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවක දී සඳහන් කර ඇත.

ඒ හරහා ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව සමග සෘජුව ඔවුන්ගේ මුදල් වලින් ගණුදෙනු කළ හැකි බවත් ශ්‍රී ලාංකිකයන්ටද වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව ඉන්දියාම සමග කටයුතු කළ හැකි බවත් ඔහු එහිදී පවසා ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website