සදුදා, 06 මාර්තු 2023 08:03

බංග්ලාදේශයේ ණය ගෙවා දමන්න ලංකාව සූදානම්… Featured

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල ආපසු පියවීම සඳහා කටයුතු සූදානම් කරමින් තිබේ.

ශ්‍රී ලංකාවේ විනිමය සංචිත පවත්වාගෙන යාම සඳහා විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල් ලබාගෙන ඇත.

බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකාවට සහයෝගයක් ලෙස අවස්ථා කිහිපයකදීම එම මුදල ගෙවිය යුතු දිනය කල් දැමීමට කටයුතු කරනු ලැබිය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත යම් මට්ටමකට ඉහල ඒම මත මෙම ඩොලර් මිලියන දෙසීයක ණය මුදල එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගෙවා දැමීමට රජය සූදානම්ව ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website