සදුදා, 06 මාර්තු 2023 08:07

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි.. Featured

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට (06) යෙදී තිබේ.

සුද්දෝධන මහ රජතුමාගේ ආරාධනයකට අනුව විසි දහසක් මහ සඟරුවන සමග බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ප්‍රථම වරට වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වූයේ, අද වැනි පෝය දිනකදීය.

යශෝදරා දේවියට සඳකිඳුරු ජාතකය දේශනා කිරීමත් රාහුල සහ නන්ද කුමාරවරුන් සසුන්ගත වීමත් සිදු වූයේ, අද වැනි මැදින් පුර පසළොස්වක පෝය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

ශාක්‍යන්ගේ මානය බිඳීම සඳහා භාග්‍යවතුන් වහන්සේ යමහ මහා පෙළහර පෑම ද සිදු වූයේ අද වැනි පෝය දිනකදී ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website