සදුදා, 06 මාර්තු 2023 15:22

‘හොරා කාපු සල්ලි දියවු..’ අන්තරේ විරෝධතාවක් කොළඹ වටලන්න එයි… Featured

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් හෙට දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවය හෙට පස්වරුවේ කොළඹට ළඟා වී විරෝධතාවයක නිරත වීමට නියමිතව ඇත.

මෙම විරෝධතාව සදමා සටන් පාඨ ලෙස යොදා ගෙන ඇත්තේ මේවාය.

?රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු !
ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු
?මැතිවරණය කල් දැමීමට එරෙහි වෙමු !
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීමට සටන් වදිමු !
?ත්‍රස්ත පනත ( PTA ) අහෝසි කරනු !
?තවත් ජනාධිපතිවරණයක් එපා!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු !
?බල සූදුවට ඉඩ හදන 78 ව්‍යවස්ථාව එපා !
ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්තාවක් උදෙසා සටන් වදිමු !
?හොරා කාපු සල්ලි දියව්!
බඩු මිල-බදු බර පහත හෙළනු!
?ධන කුවේරයින්ගේ ලාබය මත බදු පනවනු!
ජනතාවට සහන දෙනු!
?සිසු නායක දඩයම නවතනු!
සිරගත කළ කැළුම් මුදන්නායක – දිල්ෂාන් හර්ෂණ – කසුන් තිවංක වහා නිදහස් කරනු !

1,936 views

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website