සදුදා, 06 මාර්තු 2023 21:33

වීරකැටිය යුද පිටියක් වෙයි.. ගම්මු පොලිසියට පහර දෙති.. පොලිසියේ අටක් රෝහලේ.. Featured

වැටලීමක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමක් අතරතුර ගම්වාසීන් හා වැටලීම් කණ්ඩායම අතර මෙම ගැටුම සිදුවී තිබේ.

ගැටුම හේතුවෙන් ගම්වාසීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ප්‍රදේශයේ සැකකටයුතු පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට උත්සාහයකදී ඊට විරෝධය පළ කරමින් දෙපාර්ශ්වය අතර මෙම ගැටුම ඇති වී තිබේ.

පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ හය දෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.

562 views

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website