අඟහරුවාදා, 07 මාර්තු 2023 08:31

සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යා හැකියි - අධ්‍යාපන ඇමති Featured

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන්, සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගුරුවරුන් ඒ සඳහා අයදුම් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ වන විට එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website