සිකුරාදා, 10 පෙබරවාරි 2023 18:56

උ/පෙළ සමයේ විදුලි කප්පාදුවට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි Featured

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව වහාම අත්හිටුවන්නැයි නියෝගයක් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

මානව හිමිකම් කොමිසම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ උසස් පෙළ විභාග සමයේ කිසිඳු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට ලබා දුන් නිර්දේශ නොතකා දිගින් දිගටම විදුලිය කප්පාදු කිරිමෙන් අධිකරණයට අපහාස කල ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසයි.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා යනු එක් පුද්ගලයෙකු බවත් ඔහුට විදුලිය විසන්ධි කිරිමට අදාළව වගකීම සම්පුර්ණයෙන් ගැනීමේ හැකියාව නොමැති බව පෙනී යන්නේ යැයි, ගාමිණි අමරසේකර , කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.

එබැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කල මෙම නඩුව ගාස්තු නොමැතිව ප්‍රතික්ෂ්ප කිරිමට විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website