අඟහරුවාදා, 07 මාර්තු 2023 18:23

පුංචි ඡන්දය පැවැත්වෙන දිනයට අදාළව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්… Featured

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වෙන බවට දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීන් විසින් නිවේදනය කරනු ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැන නැඟුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතුකොට ගෙන 2023.03.09 දින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව හා ඒ සඳහා අප්‍රේල් මස 25 වඩා සුදුසු වන බව ද මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 3 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එදින පෙත්සම විමසා බැලීමට ලක් කෙරුණ අතර පෙත්සම විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුද්‍රණාලයාධිපතිනියට අවශ්‍ය මුදල් මුදා නොහැර රඳවා ගැනීම ද වළක්වමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

අධිකරණ නියෝගයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 වැනිදාට පෙර දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ, පසුගිය 3 වැනිදායි.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website