අඟහරුවාදා, 07 මාර්තු 2023 18:25

මේ මස අවසන් වනවිට IMF සහය ලැබේවි.. රට අස්ථාවර කරන විරෝධතාවලට ඉඩ දෙන්නේ නෑ – ජනපති Featured

ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළව චීන ආනයනය අපනයන බැංකුව ලබා දුන් ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (7) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ,IMF සමග සිදු කළ සාකච්ඡාවලදී එහි එකඟතාව ලබා ගැනීම සඳහා පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදුවූ බවයි.

''ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු කාර්යන් නිම කොට ඇත. එහි දී රටේ ජනතාවට විඳින්න සිදු වුණ අපහසුකම් මම දන්නවා. ඒ ගැන ආණ්ඩුවක් විදිහට අපි සමාව ඉල්ලනවා''

තව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ලද පසු එය සභාගත කර යෝජනාවක් ගෙනඑන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

තව ද ජනාධිපතිවරයා පැවසුවේ, බලපෑම් කණ්ඩායම් යෝජනා කර ඇති වැඩපිළිවෙළ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළ හොත් ඉන් මතුවන සමාජ විකල්පනය අතිශයින් භායානක වනු ඇති බවයි.

ඉන් මෙතෙක් සාමජයේ නොදුටු දුක්බර කාලයක් මතුවනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. සාමාකාමී රැස්වීම් පැවැත්වීමට පෙළපාලි කිසිම ප්‍රශ්නයක් නොවයි. ඒත් උද්ඝෝෂණ මාර්ගයෙන් කඩාකප්පල් කරන්න යනවා නම්, ඒ පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා

මේ අතර ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේ, රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා එක්වන ලෙසයි.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website