බදාදා, 08 මාර්තු 2023 08:07

ලෝක කාන්තා දිනය අදයි Featured

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 29% කට සෘජු දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන් ය.

එවන් දිරිය, අභිමානවත් කාන්තාවන්ට වෙන් වුණු අද දිනයේ සියලු කාන්තාවන්ට නිව්ස්ෆස්ට් අප සුබ පැතුම් එක් කරන්නෙමු.

ලොවක් මවන ඇය, ලොවක් තනන්නේ උපන් දා සිට විවිධ භූමිකාවන් හිස දරා ගනිමිනි.

බිළිඳියක වී කිරි සිනා හඬින් නිවසක් එළිය කරන ඈ, තරුණියක වී ලෝකය සුන්දර කරයි.

බිරිඳක් වී කුටුම්බයක් තනන ඈ, ගැහැණියක වී දේශයක් ගොඩනගන්නේ ලෝකයේ ජීවනාලිය බවට පත්වෙමිනි.

වර්තමානය වනවිට රටේ සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන් පෙරටුගාමී භූමිකාවක් නිරූපණය කරමින් සිටින්නේ අධ්‍යාපනය, පරිපාලනය, ක්‍රීඩා, කලා ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර තුළ සිය අනන්‍ය ලකුණ සටහන් කරමිනි.

එහෙත් ආසියානු කාන්තාවන් බහුතරයකට තවදුරටත් ලෝකය තනියායක් ලෙස දැකීමට නොහැකි වී ඇත්තේ සංස්කෘතික සහ සම්ප්‍රදායික රාමුව තුළ ඇය සිරගත කර ඇති නිසයි.

පුරුෂ මූලික සමාජ ක්‍රමය තුළ ඇතැම් විට ජයග්‍රහණයේ පියාපත් ඇයට අහිමි වේ.

ලොව පුරා සිටින කාන්තාවන්ගේ ආදායම් ඉපයීමේ ප්‍රතිශතය පුරුෂයින්ට සාපේක්ෂව 23% ක අගයක පවතින්නේ ඒ නිසයි.

සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් ම එක් අයෙකු ලිංගික හිංසන ඇතුළු කවරාකාරයේ හෝ හිංසනයකට ලක්වනු ඇත.

එවැනි පසුබිමක පවුල මෙන්ම සමාජ දේහය ද රැකගන්නා ලියන්, දේශයකට අභිමානයකි.

ඉතින්, ලොව සුන්දරම කාන්තාව බිහිකරමින් ලොව උසම කන්ද තරණය කළ අපට කාන්තාව තවදුරටත් මුළුතැන්ගෙයි භාණ්ඩයක් පමණක් නොවනු ඇති.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website