බ්‍රහස්පතින්දා, 09 මාර්තු 2023 19:56

වර්ජනය නිසා වරායට ආ නැවු 17ක් හැරී වෙනත් වරායන්ට යයි.. Featured

වරාය සේවකයන් විසින් පසුගිය දින සිදුකරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මෙරටට පැමිණි නැව් 17ක් ආපසු හැරී වෙනත් වරායන් වලට ගොස් ඇතැයි වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වී ඇති බව ද හෙතෙම පැවසීය.

වරාය සේවකයන් විරෝධතා දක්වන්නේ තම වැටුපෙන් ආදායම් බදු අය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් බවත් පැවසූ ඇමතිවරයා වරායේ සේවකයකු වැටුප ලෙස රුපියල් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ ලබා ගන්නා බවද එය සාමාන්‍ය රජයේ සේවකයෙකු නොලබන වැටුපක් බවත් සදහන් කරයි.

වරාය සේවකයන්ට තුන්වේලම ආහාර ලබා දෙන බවත් තවත් වරප්‍රසාද බෝනස් ලබා දෙන බවත් ඔහු කියා සිටියේය.

වර්ජන සිදුකිරීමෙන් කර සිදුවන්නේ වරාය ක්‍රියාකාරීත්වය අඩපණ වී රටට අලාභ වන වීම බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website