සිකුරාදා, 10 මාර්තු 2023 08:54

සරසවි ආචාර්යවරුන් තවදුරටත් වැඩවර්ජනයේ.. Featured

බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ සිට ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමිව ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, තම වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල කටයුතු අඩාල වී ඇති බවයි.

මේ අතර, බදු පනතට එරෙහිව ලබන 13 වැනිදා සිට වෘත්තීය සමිති රැසක් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් එක්ව සිටී.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website