සිකුරාදා, 10 මාර්තු 2023 08:55

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කෙරේ. Featured

මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කර ඇති බව එහි ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ , මැතිවරණ කොමිසම පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් එවමින් ය.

මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය යටතේ මැතිවරණයට මුදල් නිදහස් කිරිම සඳහා තම අනුමැතිය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දි ඇති බවයි.

කෙසේ වෙතත් එම මුදල මැතිවරණ කොමිසමට නුදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද ඔහු පැවසුවේ ය.

මුදල් ලබා නොදීම හේතුවෙන් පසුගිය 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවූ අතර මේ වනවිට එය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ, 2023 අයවැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින්නැයි දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමගයි .

Last modified on සිකුරාදා, 10 මාර්තු 2023 08:55

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website