සිකුරාදා, 10 මාර්තු 2023 08:57

ශ්‍රී ලංකා - නවසීලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද.... Featured

ශ්‍රී ලංකාව සහ සත්කාරක නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (10) දෙවැනි දිනටත් පැවැත්වෙයි.

තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 25කි.

ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 14කදී බිඳ වැටුණි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 137කි.

කුසල් මෙන්ඩිස් ලකුණු 87කි.

නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 31 වැනි අර්ධ ශතකය රැස් කළේ ය.

ඇන්ජලෝ මැතිව්ස් සමග පිටියේ එක් වූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

ඒ අනුව අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 305කි.

ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු 46කටයි.

කසුන් රාජිත ලකුණූ 22ක් සහ ප්‍රභාත් ජයසුරිය ලකුණු 13ක් රැස් කළේ ය.

නායක ටිම් සව්ති කඩුලු 5කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 355කි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website