සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 08:07

ශ‍්‍රී ලංකාව අඩුම රාජ්‍ය ආදායම ලබන රට බවට - මුදල් රාජ්‍ය ඇමති Featured

2019 වසරේ බදු ආදායම අහිමි කරගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව දළ ජාතික නිෂ්පාදනයට සාපෙක්‍ෂව අඩුම රාජ්‍ය ආදායම ලබන රට බවට පත්වූ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

 එය මෙරට ආර්ථික අර්බුදයේ ප්‍රධානතම සාධකය බවට පත්වූ බවද හෙතෙම කියා සිටියේය.

 එම තත්ත්වය මත මුදල් මුද්‍රණය කිරීමටත්, වැඩි වැඩියෙන් ණය ගැනීමටත් සිදුවීම මත අර්බුදය වැඩුණු බවද ඔහු පැවසීය.

ආදායම් බදු සංශෝධනය හරහා රජය ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු බවත් ඒ සඳහා සියලු පුරවැසියන් සහයෝගය දැක්විය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

පනවා ඇති නව බදු සංශෝධන බලපාන්නේ මෙරට සමස්ත ජනගහනයෙන් එක් ලක්ෂ විසි දහස් නවසිය විසි පහකට පමණක් බවද පැවසූ ඔහු ශ්‍රම බලකායෙන් ද ලක්ෂයකට වැඩි ආදායමක් ලබන්නේ එම පිරිස පමණක් බවද කියා සිටියේය.

නව බදු යටතේ ලක්ෂ එකහමාරක ආදායමක් ලබන්නෙකුට මාසිකව ආදායම්වලින් ගෙවිය යුතුව ඇත්තේ රුපියල් 3500 ක් පමණ මුදලක් බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website