සදුදා, 13 මාර්තු 2023 07:32

පළාත් 4ක රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයක... තවත් වෘත්තීය සමිති රැසක් සහයට.. Featured

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටී.ඒ, නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ය.

බැංකු පොලී අනුපාත පහළ දැමීම මෙන්ම, වැටුප් හා දීමනා ගැටලු විසඳා ගැනීම, එම ඉල්ලීම් අතරට ඇතුළත් ය.

සෞඛ්‍ය, අධ්‍යාපන සේවා, ජල සම්පාදන, විදුලිබල, හෙද, ගුරු සේවා, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටී.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, චමිල් විජේසිංහ මහතා පැවසුවේ බස්නාහිර ඇතුළු පළාත් 4ක් කේන්ද්‍ර කරගමින් අද(13) උදෑසන 8.00 සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක බවයි.

අවදානම් කාණ්ඩයේ රෝගීන් සිටින රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද 5 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දෙන බව ජල සම්පාදන ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල් වෘත්තීය සමිති ද අද ඊට එක්වන බවයි.

හෙද සේවකයිද 15 වැනිදා වැඩවර්ජනයට එක්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේ ය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website