සිකුරාදා, 17 මාර්තු 2023 19:25

මහ බැංකු සංශෝධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් Featured

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත "මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ" අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බවය.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන බවත් මහ බැංකුව පාර්ලිමේන්තුවේ පාලනයෙන් මිදෙනු ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Last modified on සිකුරාදා, 17 මාර්තු 2023 19:26

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website