සෙනසුරාදා, 18 මාර්තු 2023 08:45

රාජ්‍ය ආයතන 40ක් වසා දමයි.. මුදල් අමාත්‍යංශයෙන් අවසන් අනුමැතිය… Featured

රාජ්‍ය ආයතන 40ක් වසා දමයි.. මුදල් අමාත්‍යංශයෙන් අවසන් අනුමැතිය…

ක්‍රියාශීලිත්වය අනුව පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් පමණ වසා දමන්නට කටයුතු සිදුකරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
දැනට මෙම රාජ්‍ය ආයතන සියල්ල හඳුනාගෙන ඇති බවද පැවසූ ඔහු ඒවා මුදල් අමාත්‍යංශයේ යටතට පත්කර මෙම වසා දැමීම සිදු කරන බවත් පැවසීය.
දැනට මෙම ආයතනවල සේවය කරන සේවකයන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට මෙම ක්‍රියාවලිය සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.

රජය තවදුරටත් ව්‍යාපාරවල නොයෙදිය යුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් තවත් කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් රාජ්‍ය මැදිහත්වීමෙන් ආරම්භ නොකරන බවත් ඒ මහතා සදහන් කලේ නාලිකාවක් රූපවාහිනී නාළිකාවක් සමඟ සාකච්ඡාවකදීය.

 

336 x 200 Sinhala

නවතම පුවත්

ඉන්ධන මිල පහතට

මාර්තු 29 2023
Image

Stats

There are 29039 listings, 909 categories and 102 owners in our website