බදාදා, 22 මාර්තු 2023 10:48

කුවේට් හි හිරවී සිටි ලාංකිකයන් 48 දෙනෙකු දිවයිනට Featured

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් ජීඩාවට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

මෙම පිරිස ශ්‍රී ලකාවට ගෙන්වා ගැනීමට කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කුවේට් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

අද දින ශ්‍රි ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි නමුත් ඉන් තිදෙනෙකුගේ ලියකියවිලි සම්පූර්ණ නොවීම මත ඔවුන් අතරින් තිදෙනෙකුට දිවයිනට පැමිීණීමට හැකි වූයේ නැහැ.

මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු සිටිනවා.

ඔවුන් වසර 04 අධික කාලයක් කුවේට් රාජ්‍යයේ විවිධ ස්ථානවල සේවය කර ඇති බව සඳහන්.

මෙම පිරිස කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ලියාපදිංචි වී සිටි අතර තාවකාලික ගුවන් ගමන් බපලත්‍ර යටතේ ඔවුන් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණා.

WhatsApp Image 2023 03 22 at 10.18.20

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website