සිකුරාදා, 24 මාර්තු 2023 10:57

ඉල්ලූ මුදල් නොැබුණු බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරා – මුද්‍රණාලයාධිපතිනිය Featured

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි විස්සක මුදලක් එනම්(මිලියන 200) ඊයේ (23 වැනිදා) වනවිටත් ලබා නොදන් බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදු වූ බව වාර්තා වෙයි.

මුද්‍රණාලාධිපතිනිය පවසා සිටියේ ඡන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය කිරීමට නම් දැනට මුද්‍රණය කර තිබෙන ප්‍රමාණයට අදාළ රුපියල් කෝටි හතරක (මිලියන 40) මුදලවත් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා තිබූ එම මුදල නොලැබුණු බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ එදිනෙදා කටයුතු හැර මැතිවරණයට අදාළ කිසිදු මුද්‍රණ කටයුත්තක් මේ වනවිට සිදු නොවන බව සහ අත්‍යවශ්‍ය කටයුතු හැර අනෙකුත් කටයුතු සඳහා මුදල් වැය නොකරන ලෙසට ලබාදී තිබෙන උපදෙස්වලට අනුව මුද්‍රණ කටයුතු සිදු කරන බවත් විදුලි හා ජල බිල්පත් හා වැටුප් ගෙවීම් ආදිය සඳහා ඉල්ලූ මුදල් ලක්ෂ අසූවක (මිලියන 8) පමණක් ලැබුණ බවත්ය.

 Lankainformation.lk

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website