ඉරිදා, 26 මාර්තු 2023 12:34

සරසවි වරම අහිමි සිසුන් පන්දාහකට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිත රු. ලක්ෂ ‍11ක ණය මුදලක්. නැවත ගෙවීම රැකියාවෙන් පසු. Featured

උසස්පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යා‍ල වෙත ඇතුලත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ අටක (8)ක ණය මුදලක් ද එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ තුනක (3) ක ණය මුදලක් ද ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බවයි.

මේ වන විට ණය පොලී අනුපාත 25%ටත් ඉහළ අගයක පවතින බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා කියා සිටියේ සිසුන් පන්දාහකට මෙම පහසුකම ලබා දීමට තීරණය කර ඇති බවයි.

මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබාදෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ ඉතිරිකිරීමේ බැංකුව මගින් ද ලබාදීමට කටයුතු කරන බවත් මෙම ණය ලබා දීමේදී Z අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website