බදාදා, 29 මාර්තු 2023 08:57

ප්‍රධාන ආරක්ෂාවක් යටතේ ඉන්ධන බෙදා හැරීමට පියවර Featured

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණ වලින් පෙර නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය (28) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඔවුන් පවසා සිටියේ සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධතාවය දැක්වීම සඳහා එම වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් බවයි.

එම හේතුවෙන් හමුදා ඇතුළු ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාව ඛණිජ තෙල් නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම සිදු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා තිබේ.

ඊයේ රාත්‍රී සිට ඉන්ධන ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කළ බව ඔවුන් පවසා සිටියා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා තෙල් සංස්ථා සේවකයින් හට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අද දිනයේ දී ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

oil 12

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website