සිකුරාදා, 31 මාර්තු 2023 11:58

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුව වසා දැමේ Featured

Lanka Information  අප වෙත දැනගන්නට ලැබුණේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ සේවයේ නිරතව සිටි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනාම රැකියා සඳහා විදෙස්ගත වීම හේතුවෙන් එම ඒකකය වසා දමා ඇති බවයි.

අද (31) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් සියළු වගකීම රජය විසින් භාරගත භාරගත යුතු බවයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් පවසා සිටියේ, මේ අතර මුලතිව් රෝහලේ ද ළමාරෝග වාට්ටුවේ කටයුතු ද මේ වන විට අඩපණ වී ඇති බවයි.

එමෙන්ම එම රෝහලේම ශල්‍ය වෛද්‍ය ඒකකය ද මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව සඳහන් කළ ලේකම්වරයා එම ඒකකයට අවශ්‍ය සිටින විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද හිඟයක් පවතින බවයි.

මීට අමතරව පර්යන්තයේ ඇති රෝහල් රැසක ද විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ හිඟයක් මේ වන විට මතුව ඇති බව එම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

වැඩි දුරටත් වාර්තා වන්නේ, මේ වන විටත් සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් මාසිකව 40 ක් පමණ රට හැර යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයැදුම් පත් ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම වෛද්‍යවරුන් 600ත් 700ත් අතර ප්‍රමාණයක් මේ වන විට රට හැර ගොස් ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කර සිටියා.

Last modified on සිකුරාදා, 31 මාර්තු 2023 12:07

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website