සිකුරාදා, 31 මාර්තු 2023 19:50

ඉන්දියාවෙන් තවත් බිත්තර මිලියන 10 ක් Featured

ඉන්දියාවෙන් ‍මෙරටට ආනයනය කළ බිත්තර බේකරි සහ හෝටල් වෙත ලබාදීම අද සිට සිදු කෙරෙනවා. තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගතග සංස්ථාව සඳහන් කරන්නේ.

මෙරට වෙළදපොල තුල ඇති වූ බිත්තර හිගය බිත්තර මිල අධික ලෙස ඉහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව එලෙස ආනයනය කළ මිලියන 2 ක් වූ පළමු බිත්තර තොගය පසුගියදා මෙරටට ලැබුණු අතර වරායෙන් එය නිදහස් කිරීමේදී ඇති වූ ගැටලු හේතුවෙන්  වෙළදපොලට නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදු වුණා.

කෙසේ වෙතත් එම බිත්තර නිදහස් කිරීම සදහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ මුතුරාජවෙල බහාලුම් අංගනයේ තිබූ ආනයනික බිත්තර තොග කර්මාන්තකරුවන් වෙත නිදහස් කිරිම ඊයේ සිදු කෙරුණා.

ඒ අනුව අද සිට බේකරි සහ හෝටල් හිමියන්ට බිත්තර බෙදාහැරීම සිදු කෙරෙනවා.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ බිත්තර මිලියන 10 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීට අදාළ ඇණවුම් ලබාදී ඇති බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website