සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 17:03

දෙහිවල ගුවන් පාලම උඩ වාහන දෙකක් ගැටී ගින්නක් Featured

ඊයේ රාත්‍රියේ ‌දෙහිවල ගුවන් පාලම මත ගල්කිස්සේ සිට ඉතා අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක වැදී ගිණිගෙන ඇත.

මුලින්ම ත්‍රී රෝද රථය ගිණිගෙන ඇති අතර අවට සිටි අය සැක කරන්නේ මෙම ත්‍රී රෝද රථය තුළ පෙට්‍රල් ප්‍රවාහනය කරමින් සිටි බවයි.

ත්‍රී රෝද රථයේ රියදුරු දැඩි පිලිස්සුම් තුවාල සහිතව රෝගල් ගත කර ඇත.

ත්‍රී රෝද රථය ගැටී ගිනිගත් අනෙක් රථයේ ගමන් කර ඇත්තේ නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු සමග තවත් හතර දෙනෙකු රථයේ සිට ඇති අතර වාසනාවට මෙන් අදාල මෝටර් රථයෙහි අගුළු විවෘත වී තිබුනු නිසා ඔවුන්ට මෝටර් රථයෙන් පිටතට පැනගැනිමට හැකි වී ඇති අතර කිසිවෙකුට තුවාල වී නොමැත.

දෙහිවල ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙන බවද වාර්තා විය. poiy

WhatsApp Image 2023 04 01 at 09.26.59

okjii

WhatsApp Image 2023 04 01 at 09.27.01

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website