සදුදා, 03 අප්‍රේල් 2023 10:17

පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය Featured

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා සිකුරාදා ඔහුගේ නිල නිවෙසේදී රැස්විය.

පොලිස්පති වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තීරණය කළේය. මේ අනුව ඔහු එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා යොමු කළේය.

සේවා දීර්ඝයට අනුමැතිය දීමට අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරයාට යැවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නිල කාලය පසුගිය මාර්තු 26වැනිදායින් අවසන්විය.

මේ අතර පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ නම් යෝජනාවී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website