බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 08:05

ගැසට් නිවේදනයක් එයි! - පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි Featured

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 අප්‍රේල් 4 වැනි දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එම පියවර ගත් බව අමාත්‍යවරයා පවසයි.

තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන යන්හි පරිපාලනය සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථා යෝග්‍ය අයුරින් ඉටු කිරීම උදෙසා 2023 අප්‍රේල් 4 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධරයා ලෙස පත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් මේවනවිට ඉල්ලා අස්වීම හා එහි සභාපති ශ්‍රී රංගා වෙනත් සිදුවීමකට රිමාන්ඩ් භාරයේ පසුවීම නිසා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතළ තත්වයක් උද්ගතව තිබිණ.

පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව 11 දෙනකු ගෙන් සමන්විතවන අතර ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ දී තේරී පත්වූයේ ඉන් නිලධාරීන් අට දෙනකු පමණි.

එසේ තේරී පත්වූ නිලධාරීන් අතර ප්‍රධාන ලේකම් ඉන්දික තේනුවර, භාණ්ඩාගාරික ටී. සුදාකර්, උපසභාපතිවරුන් වන සී. දීපිකා කුමාරි, සමන් දිල්හාන් නාගහවත්ත පසුගිය පෙබරවාරි 28 වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ට යොමු කර තිබුණි.

 ජාත්‍යන්තර පාපන්දු තහනම !

ලෝක පාපන්දු සම්මේලනය විසින් මේවනවිට ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පනවා ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහය පළකරමින් රටවල් 197 ක් පසුගිය මාර්තු 16 දා ඡන්දය ප්‍රකාශ කළේය.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහි තහනම සම්මත විය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website