සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:45

එන්ජින් කැඩී ශ‍්‍රී ලන්කන් යානා තුනක් බිම.. Featured

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා තුනක් එන්ජින් කැඩී දැන් තිබෙන්නේ බිම බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ලංකන් ගුවන් සමාගම ඩොලර් කෝටි සියයකට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ පසු ආයතනයට කිසිදු ලාභයක් නැති බවත් හෙතෙම පැවසීය.

මුදල් නොමැතිකම නිසා දෝෂයන්ට ලක්වී ඇති යානාවන්හි ඉන්ජින් නඩත්තු කිරීමට නොහැකිව තිබුණත් ඒවායේ ලීසිං වාරික පෙර ආකාරයටම ගෙවිය යුතු බවද ඇතිකරගෙන තිබෙන ගිවිසුම අනුව එසේ කිරීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෙම ගැටළුවට විසඳුමක් ලෙස ගුවන් සේවාව ප‍්‍රතිව්‍යුහගතකරණය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website