සිකුරාදා, 07 අප්‍රේල් 2023 10:14

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීම ගැන ආසියා ෆැසිපික් නීති වෘත්තිකයෝ අනතුරු අඟවති Featured

ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි දන්වා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වන විට ඒ පිළිබඳව සොයා බලමින් සිටීම ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයක් බවත් ඒ පිළිබඳව සිය කනස්සල්ල කරන බවත් ආසියා ෆැසිපික් කලාපයේ නීති වෘත්තිකයින්ගේ ප්‍රධානම එකමුතුව වූ LawAsia සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ කිසිදු පියවරක් නොගන්නා ලෙසටත් එමගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු නොවිම සඳහා සහතික වන ලෙසත් LawAsia සියළුම පාර්ශවකරුවන්ට අවවාද කර තිබේ.

LAWASIA යනු ආසියා පැසිෆික් නීති වෘත්තියේ අවශ්‍යතා සහ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්, විනිසුරුවරුන්, නීතිවේදීන් සහ නීති සංවිධානවලින් සමන්විත කලාපීය සංගමයකි.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website