සෙනසුරාදා, 08 අප්‍රේල් 2023 09:51

ආර්ථික ගැටලු හේතුවෙන් දරු උපත් පාලනය කැපී පෙනෙන ලෙස වැඩිවෙලා – මහ බැංකු වාර්තාවකින් හෙළි වෙයි Featured

ආර්ථික ගැටලු හේතුවෙන් දරු උපත් පාලනය කැපී පෙනෙන ලෙස වැඩිවෙලා – මහ බැංකු වාර්තාවකින් හෙළි වෙයි.

පවුල් සැලසුම් සදහා 2021 වර්ෂයේ දි මෙරට පුද්ගලයින් 225,492 නෙකු අලුතෙන් යොමු වි තිබු අතර ඉන් 29,993 දෙනෙකු වන්ධ්‍යාකරණ සැත්කම් වලට ලක්කොට ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.


2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි පවුල් සැලසුම් සඳහා අලුතෙන් 96,693 දෙනෙකු යොමුවි තිබු අතර එය කැපි පෙනෙන වැඩිවිමක් බවද එම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

2012 වර්ෂයේ වන්ධ්‍යාකරණ සැත්කම් 21,109ක් සිදුකොට තිබු අතර එම වර්ෂයෙන් පසුව වැඩිම වන්ධ්‍යාකරණ සැත්කම් සංඛ්‍යාවක් සිදුකොට ඇත්තේ 2021 වර්ෂයේ බවද මෙකි වාර්තාවේ දැක්වෙයි.

2021 වර්ෂය තුළ පවුල් සැලසුම් සංවිධාන යටතේ 28,531 දෙනෙකු ලූප්ස් පැළද තිබු අතර 44,462 නෙකු ගිලින පෙති භාවිතාකොට තිබුණි.

එන්නත්කරණය සදහා 79,622 නෙකු යොමුකොට තිබු අතර රෝපණය කළ සංඛ්‍යාව 42,884 දෙනෙකි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website