සෙනසුරාදා, 08 අප්‍රේල් 2023 10:06

ගුවන් ගමන් වලට අයහපත් කාලගුණය හරස් වෙයි Featured

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලින් පිටත් විමට වීමට නියමිතව තිබු ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ගමන් කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපළෙන් 04/07 දින රාත්‍රී 06.25 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයේ පිටත්ව යාම 04/08 දින උදෑසන 09.15 තෙක් පැය 15 ක ට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ .

එසේම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත 04/08 දින අලුයම 04.45 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 ගුවන් යානය 04/08 දින පස්වරු 04.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව දැනුම් දී ඇති බව සදහන් වේ . එම ගුවන් ගමනත් ඒ අනුව පැය 12 කට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබෙයි

එසේම ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන් 04.07 දින රාත්‍රී 07.15 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 ගුවන් යානය 04/08 දින අලුයම 01.50 ට පිටත්ව ගොස් ඇත.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මුම්බායි බලා 04,07 දින රාත්‍රී 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 ගුවන් ගමන අවලංගු කර තිබේ .

එනිසාම 04,08 දින අලුයම 05.35 ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 ගුවන් ගමන ද අවලංගු කර තිබේ .

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත 04,07 දින රාත්‍රී 07.00 ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 යානය , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ .

එමෙන්ම කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත 04,07 දින සවස 06.10 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ප්‍රමාද වී , 04/08 දින අලුයම 07.33 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතු වී තිබුණි .

මෙම ගුවන් යානය තුළ මගීන් 97 දෙනෙකු පැමිණ සිටි අතර ඔවුන් බස් රථ මගින් , මහා මාර්ගය ඔස්සේ 04/08 දින අලුයම 03.30 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත කැදවා ගෙන පැමිණ තිබුණි .

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website