සෙනසුරාදා, 08 අප්‍රේල් 2023 21:00

චීනය දෙවුන්දර තුඩුවේ රේඩාර් සවි කරන්න ඉල්ලයි Featured

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

රේඩාර් පද්ධතිය පිහිටවූවොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website