සෙනසුරාදා, 08 අප්‍රේල් 2023 21:16

පලාත් සභාවල වාහන 270ක් අතුරුදහන්… Featured

දැනට වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල වාහන දෙසිය හැත්තෑවක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.

දැනට මෙම වාහන භාවිතා කරන්නේ කවුද කුමන රාජකාරියකටදැයි නිශ්චිත තොරතුරු නොමැති බව දන්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව විගණනයක් ඉල්ලා සිටීමට සූදානම් වෙයි.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට, රෝහල් ප්‍රධානින්ට වාහන නොමැති තත්ත්වයක් යටතේ මෙම කාරණය බරපතළ බව එම මන්ත්‍රී පිරිස කියා සිටිති.

පළාත් සභාවක මහ ඇමතිවරයාට වාහන හතරක් ද, සභාපතිවරයාට වාහන තුනක්ද, පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනෙකුට වාහන දෙක බැගින්ද සභා නායකට හා විපක්ෂ නායකට වාහනය බැගින් ද හිමි වෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website