සදුදා, 10 අප්‍රේල් 2023 08:08

‘‘වින්දිතයන්ට තවමත් යුක්තිය ලැබී නෑ‘‘ Featured

කූමින් සීනිවලට ඇලෙනවා වගේ දේශපාලනාඥයන් බලයේ එල්ලී තමන් ලොක්කායි සිතා ගෙන කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදි පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් පැවැසීය.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4ක් ගත වුවද තවමත් යුක්තිය ඉටුවී නැතැයි අගරදගුරුතුමෝ පැවසූහ.

යුක්තිය උදෙසා අරගල කිරීම වැදගත් වනුයේ ඒ නිසා බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේදී සිදුවූයේ කුමක්දැයි තවම කවුරුත් දන්නේ නැතැයි කී අගරදගුරුතුමෝ මිනිසුන් නොයෙකුත් දේ පවසන බවත්, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත් වන්නේ ඒ නිසා බවත් පැවසූහ.

එය කතෝලිකත්වය බව කී අගරදගුරුතුමෝ යලි උත්ථානයවීම යනු වෙනසක් ඉල්ලා අරගල කිරීම යැයි ද කීහ.

වෙනස් කරන්නට උත්සාහ නොකරන ලෙසත් පවතින ක්‍රමයට යාමට දෙන ලෙසත් ඇතැමුන් කීවත් තරුණයින් අරගල කර ලංකාවේ දේශපාලන ආකෘතිය වෙනස් කළ
බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

 

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website