අඟහරුවාදා, 11 අප්‍රේල් 2023 08:49

SJB බෙදෙන නිසා සියළු දෙනා ආණ්ඩුවට..? සජිත් අගමැති කමට..? Featured

පක්ෂය බෙදෙන නිසා සියලු දෙනාම ආණ්ඩුවට එක් වීමේ ත්ත්වයකට සමගි ජන බලවේගය අද පත්ව සිටින බව ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොග‍්‍රසයේ දිගින් දිගටම සිදු වූයේ පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවට යාම වැළැක්වීම සඳහා මුළු පක්ෂයම ආණ්ඩුවට එකතු වීම බවත් අවසාන ප්‍රතිඵලය වන්නේ මුළු පක්ෂයම ආණ්ඩුවට එක්වීම බවත් එම සඳහන් කළේය.

අද සමගි ජන බලවේගය ද පත්ව සිටින්නේ එම ඉරණමට ද ඒ මහතා ජාතික ජනබලවේගයේ ජනහමුවක් අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කියා සිටින්නේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හතළිහක් ආණ්ඩුවට එක්වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවයි.

සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා ගන්නා බවටත් පළ වන්නේ ද එවන් අසත්‍ය වාර්තා බවත් හෙතෙම කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා මිස රාජපක්ෂලාගේ අණසක යටතේ පාලනය වන ආණ්ඩුවකට එක් වන්නේ නැති බව ද හෙතෙම සිය නිවසේ දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

LCN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website