සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 19:53

සල්ලි ගෙවන තුරු ගල් අගුරු නැවු දෙකක් මුහුදේ… Featured

පෙබරවාරි මාසය සඳහා ගල් අඟුරු වලට අවශ්‍ය මුදල ලෙස රුපියල් බිලියන විසි දෙකක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කරයි.

 නමුත් මේ වන තෙක් සොයාගෙන ඇත්තේ රුපියල් බිලියන 2.2 ක මුදලක් බව සමාගයේ සභාපති ෂෙහාන් සමරසේකර මහතා සඳහන් කරයි.

 මේ වන විටත් ගල් අගුරු නැවු දෙකක් දින කිහිපයක සිට පුත්තලම ආසන්න මුහුදේ රැඳී සිටින බවත් ඒවා සඳහා ඉතිරි මුදල් ගෙවීම ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බවත් හෙතෙම කියා සිටියි.

මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව විදුලිබල අමාත්‍යවරයාට තමන් ලිඛිතව දැනුම් දුන් බවත් හෙතෙම සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website