බදාදා, 19 අප්‍රේල් 2023 08:51

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට හිටපු නීතිපති දප්පුල අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට Featured

හිටපු නීති­පති දප්පුල ද ලිවේරා මහ­තාව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය හමු­වට අද (19) කැඳවා ඇත.

පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව මෙසේ හිටපු නීති­ප­ති­ව­ර­යා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට ඔහුව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය හමු­වට කැඳ­වී­මට පිය­වර ගත් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­රය පිටු­පස කුම­න්ත්‍ර­ණ­යක් ඇතැයි හිටපු නීති­ප­ති­ව­රයා කළ ඇතැම් ප්‍රකා­ශ­ව­ලින් ඇඟ­වෙන බවත් ඔහු­ගෙන් ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් මෙතෙක් ලබා­ගෙන නැති බව­ටත් එල්ල­වන චෝද­නාද සැල­කි­ල්ලට ගෙන මෙසේ හිටපු නීති­පති දප්පුල ලිවේරා මහ­තා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනෙන බවද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

 

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website