සදුදා, 24 අප්‍රේල් 2023 00:03

ගැබිනි මවුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් උපදෙස් Featured

අධික උණුසුම හේතුවෙන් ගැබිනි මවුවරුන් දහවල් කාලයේදි අව්වට නිරාවරණය නොවී නිවෙසේම කාලය ගත කිරීම වැදගත් බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

ජලය ලීටර් දෙකක් පමණ ගත් ගර්භනී මවක අධික උණුසුම හේතුවෙන් ජලය ලීටර් තුනක් හතරක් ගැනීම වැදගත් බවත් එසේ නොකළහොත් විජලනයට පත්වී විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් අධික සීතල වතුර පාවිච්චි නොකළ යුතු බවද ලැනරෝල් මහතා කීවේය.

අධික උණුසුම හේතුවෙන් කපු ආශ්‍රිත ඇඳුම් හෝ ලිහිල් ඇඳුම් ඇඳීමට වගබලා ගත යුතු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක39.2 ට වඩා වැඩිවුවහොත් තාප කම්පන තත්වයක් පවා ඇතිවිය හැකි බවද ප්‍රකාශ කළේය.

අධික උණුසුම සමග ඇතිවිය හැකි පිපාසය, තෙහෙට්ටුව, කරකැවිල්ල, ක්ලාන්තය නොසලකා හැරියොත් සිහි මද ගතිය ඇතිවී තාප කම්පන තත්වයන්ට ගොදුරු විය හැකි බවත් එවැනි තත්වයට පැමිණීම වළක්වා ගතහොත් ගුණාත්මක දරුවකු බිහි කර ගැනීමට එය පිටුවහලක් වනු ඇති බවත් සනත් ලැනරෝල් මහතා පෙන්වා දුන්නේය.

 සුජිත් හේවාජුලිගේ 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website