සදුදා, 24 අප්‍රේල් 2023 21:06

ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව ගත්තේ කවුද? Featured

'එක්ස්ප්‍රස් පර්ල්' මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් 'බරපතළ අපරාධකරු' වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එය බරපතළ අපරාධයක් බවයි.

ඒ නිසා 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද හෙතෙම සඳහන් කළේය.

 

යොහාන් භාසුර

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website