බදාදා, 26 අප්‍රේල් 2023 21:48

උත්තර පත්‍ර නොබැලීම පිළිබඳව විද්‍යාර්ථියින්ගේ ඇසින් Featured

අප විසින් ප්‍රකාශයට පත්කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලීය ආදී විද්‍යාර්ථියින්ගේ chat group එකක පලවූ අදහස් හුදී ජනයාගේ දැන ගැනීම සඳහා පහත දක්වමු.

  • තිත්ත ඇත්ත
  • සැඟවුන ඇත්ත
  • නොකියන නොදන්න ඇත්ත. 

මේකෙ නොකියන දේවල් ගොඩක් තියෙනවා. වෙනදා විභාගේ එක් පේපර් එකක් ඉවර වෙලා දින 2/3 අතර පාලක පරීක්ෂක මගින් සාම්පල් පිලිතුරු පත්‍ර බලනව තෝරා ගත් ගුරුවරු පිරිසක් සමග. ඒව බලල ලබා ගන්න අදහස් අනුව ලකුනු දීමේ පටිපාටිය හදනව. මේ පාර ඒක දෙපාර්තමේන්තුව වෙලාවට කලේ නෑ. ඒකට රැස් කලේ ඊයෙ. ඒක වෙලාවට කලා නම් වැඩවර්ජනයට පෙර පේපර් මාකින් පටන් ගන්න තිබුනා. එහෙම නම් මේක වෙන්නෙ නෑ. අර දීමනා වැඩි කිරීම යෝජනාවක් විතරයි. ඒකට භාන්ඩාගාර අනුමතිය ලැබුනේ නෑ.

ගෙවීම් ප්‍රමාණවත් නෑ කියන්නෙ පාසැල් ගුරුවරු. විශ්ව විද්‍යාල ආචාර්යවරු නෙවේ. ගුරුවරයකුට දවසට බලන්න පුලුවන් පේපර්ස් 10යි. පේපර් එකකට ගෙවන්නෙ රු175.00. මේ ගණන වැඩි කරල නෑ. ඔවුන්ට ගමන් වියදම් සහ බටා ගෙවනව මදි. ගිය වසරේ ගෙවීම් තවම කරල නෑ. හැමදාම එහෙම තමා. අපිට නම් ඔය සමහර ගෙව්ම් ලැබිලම නෑ. ඒ නිසා ගුරු වරු 7000ක් අඩුයි ඉල්ලල තියෙනව. මේවා නිසා ප්‍රමාද වුනේ. වර්ජනය එන්න ඉස්සර මේක ඉවර කරන්න තිබුනා. දැන් ඊයෙ කැඳවූ පාලක පරීක්ෂක මීටිමට ආචාර්යවරු ආවා. ප්‍රමාදය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් කළ යුතුය කියල ඉල්ලල තියෙනවා. වැඩ වර්ජනයේ විපාක ගැන කතා කරන අය එයට හේතුවූ කාරණාව ගැන කතා කරන්නෙ නෑ. ඔය කියන දීමනාත් බදුවලට කැපෙනවා.

මමත් ඔය විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයෙක්, ප්‍රශ්ණ පත්‍ර සකසන්නකු, අධීක්ෂකයකු, සහකාර පාලක පරීක්ෂකයකු සහ පාලක පරීක්ෂකයකු ලෙස 1978 සිට 2012 දක්වා වැඩ කලා. කවදාවත් අපට යන වියදමවත් කැපෙන්න ගෙවීමක් ලැබුනේ නැහැ. ඒ ලැබුන එකත් කෑලි කෑලි අවුරුද්දකට පසුව තමා ලැබුනේ. සමහරක් ගෙවීම් ලැබුනේම නෑ. හොයල බලන්න කිව්වම හොයනවා විතරයි. මේකට ගියේ ස්වේච්ඡාවෙන් කරන දායකත්වයක් සහ විෂයේ අභිවර්ධනයට යම් ගුරුවරු පිරිසක් මේ හරහා පුහුණු කරනවා සහ විභාගය ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීමට අපගෙන් ලැබෙන දායකත්වය සලකලා. වරක් විභාග කොමසාරිස් ප්‍රශ්ණයකදි ගුරුවරුන්ට සලකපු ආකාරය විවේචනය කරා කියල පුරසිංහ මහතාව පාලක පරීක්ෂකට නොදන්වා ඉවත් කරල තිබුනා ඔහුගේ පත්වීම් ලිපිය යවන්නේ නැතිව.

ඒ වෙලාවෙ ඔහු කැඳවනතුරු පාලක පරීක්ෂක විසින් ප්‍රධාන ගුරුවරු පුහුණු කිරීම සහ මාකින් ස්කීම් සාකච්චාව පටන් ගැනීම ප්‍රතික්ෂේප කලා මම. ඔහුව කැදවාගෙන ආව 2ට එතකොට තමා පටන් ගත්තෙ. මට සිදුවුනා ජාතික විභාගයේ මේ කාර්යට බාධා කලා කියල ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් දාන්න කියල තමයි අවසානයේ වැඩේ ඉවර කලේ. ඔය විදිහේ අත්දැකීම් නිසා මට නීරසවෙලා තිබුනේ ඔය වැඩේ. එම නිසා 2012 දි පීඨාධිපතිවූ පසු රාජකාරි බහූලයි කියල මම අයින්වුනා. එදා මම පැරණි සිලබස් එකේ පාලක පරීක්ෂක සහ පේපර්ස් දෙකේම මොඩරේටර්. නැවත 2020 මම උයන්ගොඩගේ ආරාධනයෙන් මොඩරේට් කලා ප්‍රශ්ණ පත්‍ර දෙකම. පිලිතුරු පත්‍ර බලන්නත් ආවා. ඒවායෙත් ගෙවීම් හරියට ලැබුනේ නෑ. දැන් මුදල් බැංකුවට යවන්නෙ. අපිට ලිඛිතව කරපු බැරකිරීම ගැන දන්වන්නෙ නෑ. කපල කොටල යවන්නෙ. ඒ නිසා ඕව එනවද නැද්දවත් බලන්නෙ නෑ. පිළිතුරුපත් බැලුවට වැඩිම වශයෙන් රුපියල් 30000.00 ක් විතර තමා ලැබෙන්නෙ. ඒවාට වාහන ගාස්තුව සහ බටා ඇතුලත්ය. අල්ලපු කාමරවල කොරෝනා ලෙඩ්ඩු හමුවෙලා පාසැල කිහිපවතාවක් වැහුවා.

ඒ කාලෙ ඔය කොමසාරිස්ගෙ මිනිස්සු පැත්ත පලාතෙ ආවෙ නෑ. බැනල මෙසේජ් දාපුවාම තමා බලල ගියේ. ඒ අවුරුද්දෙ ගෙදරට වවුචරයක් එව්වා මොකක්දෝ පේමන්ට් කරන්න තියෙනවා කියල. එහෙම එකක් ආවෙ නම් නෑ. 2021 මගේ දණහිස කැඩිල ඥාතියෙකුගෙ ගෙදර ඉඳිද්දි සිංහල ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍ර
සෙට් එකක් ඉබ්බෙක් දාපු බෑග් එකක දාගෙන නිලධාරියෙක් ගෙදරට එවල මා ලවා මොඩරේට් කර ගත්ත. නිල වශයෙන් පත්වීමක් දුන්නෙ නෑ. ගෙවීමක් කලේ නෑ. ගිය වසරේ ගියේ නෑ. මම රටේ නොසිටි නිසා. ඔහොම තමා ඔය දැති රෝද කැරකෙන්නෙ.

තවත් අදහසක් **

මේ පමාව ගැන මම තොරතුරු ඇහුවම මේ තමයි ආර්ථික විද්‍යා සහකාර පාලක මහාචාර්යවරයෙක් එවපු පිළිතුර:

Due to many reasons, not sufficient teachers is the top among other reasons. Example: Econ English medium - need 4 panels, at least we need 15 to 18 teachers , but applied only 40, don’t know whether that 40 is suitable or they come for the marking. Marking process May further delay and they will open on line application again after paying past dues.

ගුරුවරු 60/72 ක් ඕන පැනල් 4ක් කරන්න. ඉල්ලල තියෙන්නෙ 40යි. එයාල ඔක්කොම වැඩේට සුදුසු ද කියල බලන්න ඕනලු. 40 දෙනාගෙන් කරන්න පුලුවන් 10 දෙනා ගණනෙ පැනල් 4 හදන්න. සෑම පැනල් එකටම එතකොට තව 8 දෙනකුට එන පේපර්ස් දවසට 80 ක් තියෙන නිසා බලන කාලය දික් කරන්න. එතකොට දවසට රු.1750කට (අද ඇමතිම කිව්ව මේ ගණන මදි කියලා පාර්ලිමේන්තුවේදි) දවස් 8ක් ඉන්න ගුරුවරු කැමතිවෙන්නෙ නැහැ.

 දැන් ආයිත් ඉල්ලුම් පත්‍ර කැඳවනවලු. භාණ්ඩාගාරයට මේවා වැඩි කරන්න බැහැ කියලා.

මේ ගාස්තු ප්‍රශ්ණය කාලයක් තිස්සේ එන එකක්. මේ වැඩේ ඔක්කොම ගුරුවරුන්ට කරන්න බැහැ. මේ අය පුහුණු කිරීම තෝරා ගැනීමත් ආචාර්යවරු තමා කරන්නේ. තව එකක් ඇමති කියනව පාර්ලිමේන්තුවේදි මේ වැඩේ පටන් ගන්න තිබුනේ පෙබරවාරි 22 කියලා. ෆුටා වර්ජනය පටන් ගත්තෙ මාර්තු 16. ඕක 22 පටන් ගත්ත නම් එක කාණ්ඩයක් ඉවර කරන්න තිබුනා. උපරිම දවස් 12 යි යන්නෙ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගොඩ නැගිළි මදි වුනොත් කාණ්ඩ දෙකකට බෙදනවා.

මේ තවත් අදහසක්***

ගුරු සහ වෛද්‍ය අංශවල වර්ජනවලදී සිසුන් සහ රෝගීන්ට විශාල හිරිහැර ඇතිවෙනවා. මම හිතන්නෙ මේ නිසා එය මුල් කරගෙන පාලකයන්ට පුලුවන් ජනයාව අවුස්සන්න. එය වෘත්තීය සංගම්වලට පීඩනයක් ඇති කරනවා. සිවිල් සමාජයද මෙය ඇති කරනවා. එවිට ඔය සංවිධාන ඔය අල්ලපු නට් එක බුරුල් කරනවා. මම හිතන්නෙ අද එයාල ඕක අත් හරීවි.

මෙය අර “හුණු වටයේ සින්ඩ්රෝම් එක”. මෙතෙක් කල් විතරක් නෙවේ දැනුත් දරුවන්ගේ අධ්‍යාපනය ගැන නිසි අවධානයක් යොමු නොකරපු “වැදූ මව - එනම් ආණ්ඩුව දරුවාට රිදෙන එක ගාණකටවත් නැතිව ප්‍රශ්ණයේ මුලට විසඳුම නොදී දරුවාව අදිනව”. “හැදූ මව” ඒ කියන්නෙ ස්වේච්චාවෙන් මෙම විභාගයේ ප්‍රමිති රැක ගන්න ගුරුවරුන් පුහුණු කරමින් විද්‍යාත්මක ප්‍රමිතියකින් විභාගය පවත්වා ගෙන යන්නට මහන්සිවෙන ආචාර්යවරු දරුවන් ගැන සිතල මෙය අත්හරිනව.

කොහොම නමුත් මම හිතන්නෙ මුලු රටේම අවධානය යොමු කරගන්නට මේ මගින් ඔවුන් සමත්වුනා. එතනින් මේ ගැන මහජනතාවට කතා කරන්න ෆුටා එක උත්සාහ කරොත් හොදයි මේ ප්‍රශ්ණය පැහැදිලි කරන්න.

තමන් උපයන පරිශ්‍රමයෙන් තම අවසරයක් රහිතව වැටුප හදන තැනින්ම අසාධාරණ පංගුවක් උදුරා ගැනීම ගැන (බද්දක නාමයෙන්) ඔවුන් කරන ඉල්ලීම ගැන ඔය කවුරුත් කතා කරන්නේ නැහැ. බද්දක් නම් බදු ගෙවන්නා විසින් ගෙවිය යුතුය. එවිට ඔවුන්ට එය ගැන කතා කරන්න පුලුවන් ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග. මෙතන එහෙම නෑ විභාග ආදායම් ද ඇතුලුව හැම ඉපයීමකින්ම කපනවා. ඒක අසාධාරණයි කියල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙ වෘත්තීය සමිතියම කියනව.

තමන්ගේ පරිශ්‍රමය මේ ආකාරයට උදුරා ගැනීම ජාත්‍යන්තර කම්කරු ප්‍රඥ්ප්තිවලට අනුවත් වැරදියි.

අනිත් එක පාලක පන්තියේ වංචනික සහ ගජමිතුරන් සැනසීමේ ක්‍රියාවලිය නිසා ඇති කරපු අර්බූදය එයාල අනික් මිනිස්සුයි පොදු ජනයා මතයි දැන් පටවල තියෙන්නෙ. ඇමරිකාවෙ හැමිල්ටන් බැංකුව මේ ණය නොගෙවීම ගැන දාල තියෙන නඩුවේ කියල තියෙනව මේ නය odious debts දූෂිත ණය කියල. මේවා Mr. 10 percent කියල හඳුන්වන ඇමරිකානු පුරවැසියෙක් සහ ඔහුගේ පවුල විසින් හොරකම් කරපුවා කියල ඒ නඩුකාරයාම කියල තියෙනවා. මේ ණය රාජ්‍ය හෝ ජනතාවගේ ණය නෙවේ. ඒ විදිහට කතා කරල මේ ණය ගැන ලෝකය එක්ක කතා කරන්න ඒ හොරකමට ගෑවුනු අය ඉන්න කප්පම්කාරයන්ගේ සහ මහ බැංකු හොරුන්ගෙ ආණ්ඩුවකට බෑ.

දැන් ඒ අස්සෙ හොරාට දේශීය ණය ප්‍රශස්ථිකරණය කියල දේශිය නය ප්‍රතිව්‍යුහගත කිරීම පලමුව කරන්න යනව. එවිට රටේ මහ බැංකුවෙන් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකෙන් දේශීය බැංකුවලින් ආණ්ඩුව ගත්ත ණය කපා හරින්න යන්නෙ. එතකොට අපි ඔක්කොගෙම බඩට වදිනව. ප්‍රශ්ණය මුලින් අල්ලන්නේ නැතිව වලිගවලින් අල්ලනව කියන්නෙ මේවාට තමයි. අද ඉදල පාර්ලිමේන්තුව අයිඑම්එෆ් ගිවිසුම් ගැන දවස් තුනක් කතා කරනව. අහගෙන ඉමු. (බිත්තර ග්‍රෑම් 50ක් විතර මිලදී ගෙන ?).

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website