මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලීම වැරදියි කියා එයින් හැඟෙන්නේ නැතැයි ද තර්කය ගොඩ නැගෙන්නේ මූල්‍ය අරමුදලට යෑම ගැන නොව ඒ කොන්දේසි සමග බව කී අලහප්පෙරුම මහතා කොන්දේසියකින් තොරව මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බද්ධ වීම නිසා මේ ගැන සැකෙන් බලන බවද අලහප්පෙරුම මහතා කීය.
16 වතාවකදී බිලියන 7කට වඩා මූල්‍ය අරමුදලෙන් ලංකාව ණය ලබාගෙන තිබෙන බවද ඒ අතුරින් බිලියන තුනක් ගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති , කැබිනට් ඇමති ලෙස සිටි අවස්ථා වලදී බවද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
මේ තවත් ණය ගැනීමේ මාවතක් විනා රටේ අනාගතයට පාර කැපීමක් නොවේ යැයිද ආර්ථික අවපාතයෙන් මිදෙන්නට කරන උත්සාහයකට අකුල් හෙලන්න උත්සාහ කරනවා යැයි හිතන්න එපා යැයි ද පැවසූ අලහප්පෙරුම මහතා තම දේශපාලනයේ එවැනි ඇටසැකිලි නැතැයි කීය.
අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ