බ්‍රහස්පතින්දා, 27 අප්‍රේල් 2023 20:14

සුඩානයේ කොටුවී සිටින ලාංකිකයින් බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කොහොමද? Featured

යුද ගැටුම් පවතින සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානපති පී.එම් අම්සා පවසයි.

බීබීසී සිංහල සමග සූම් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, පළමු කණ්ඩායම ලෙස සුඩානයේ සිට ආරක්ෂිතව සෞදි අරාබියට ගෙන්වා ගත් ලාංකිකයින් 13 දෙනා අද (අප්‍රේල් 28 වැනිදා) දිවයිනට එවීමට පියවර ගෙන ඇති බවය.

ශ්‍රී ලංකා රජයේ වියදමින් ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු පැවසීය.

ඕනෑම ලාංකිකයෙකුට සුඩානයෙන් පිටවීමට අවශ්‍ය නම්, ඒ සඳහා සහය වීමට සෞදි අරාබිය සහයෝගය පළ කර ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.

මේ සඳහා ඉන්දියාවෙන්ද සහය ඉල්ලා ඇති බව තානාපති පී.එම් අම්සා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website